තවත් එන්නත් මාත්‍රා මිලියන 04ක් දිවයිනට
චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා මිලියන 4ක් අද (18) අලුයම දිවයිනට රැගෙනවිත් ඇති බව වාර්තා වේ.
ඒ චීනයේ බිජීං නුවර සිට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ විශේෂ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් මඟිනි.
මෙලෙස එන්නත් මාත්‍රා මිලියන 04ක් ශ්‍රී ලංකාවට රැගෙන ආ දෙවන අවස්ථාව මෙය වේ.
එම එන්නත් තොගය ඖෂධ නීතිගත සංස්ථාවේ කොළඹ පිහිටි මධ්‍යම ගබඩා සංකීර්ණය වෙත රැගෙනවිත් තිබේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

