දේශීය

තවත් එන්නත් මාත්‍රා මිලියන 04ක් දිවයිනට

චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා මිලියන 4ක් අද (18) අලුයම දිවයිනට රැගෙනවිත් ඇති බව වාර්තා වේ.

ඒ චීනයේ බිජීං නුවර සිට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ විශේෂ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් මඟිනි.

මෙලෙස එන්නත් මාත්‍රා මිලියන 04ක් ශ්‍රී ලංකාවට රැගෙන ආ දෙවන අවස්ථාව මෙය වේ.

එම එන්නත් තොගය ඖෂධ නීතිගත සංස්ථාවේ කොළඹ පිහිටි මධ්‍යම ගබඩා සංකීර්ණය වෙත රැගෙනවිත් තිබේ.


Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?