ක්‍රීඩා

IPL අද සිට යළි

කොවිඩ් අවදානම් තත්ත්වය හේතුවෙන් අතරමගදී අත්හිටුවීමට සිදු වූ මෙවර අයි. පී. එල් ක්‍රිකට් තරගාලියට අදාළ ඉතිරි තරග එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී අද (19) සිට යළි ආරම්භ වේ.

පළමු තරගය මුම්බායි ඉන්දියන්ස් සහ චෙන්නායි සුපර් කිංග්ස් යන කණ්ඩායම් අතර මෙරට වේලාවෙන් රාත්‍රී 7.30ට ආරම්භ වීමට නියමිතය.

දෙවන අදියරේදී දින 27ක් තුළ තරග 31ක් පැවැත්වෙන අතර අවසන් මහා තරගය ඔක්තොම්බර් මස 15වනදා ඩුබායිහිදී පැවැත්වේ.

දෙවන අදියරේදී තරග 13ක් ඩුබායිහිදීත්, තරග 10ක් සාජාහිදීත්, තරග 08ක් අබුඩාබිහිදී පැවැත්වීමට නියමිත අතර මෙවර තරග වාරය සඳහා ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් දෙදෙනෙකු එක්ව සිටීම විශේෂත්වයකි.

වනිදු හසරංග සහ දුෂ්මන්ත චමීර ඒ සඳහා අවස්ථාව හිමි කර ගත් අතර ඔවුන් මෙවර නියෝජනය කරන්නේ රෝයල්ස් චැලෙන්ජස් බැංග්ලෝර් කණ්ඩායමයි.

එම කණ්ඩායම සහභාගී වන පළමු තරගය කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට එරෙහිව හෙට (20) පැවැත්වීමට නියමිතව තිබේ.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *