දේශීය

වීරකැටියේ වෙඩි තැබීමකින් දරුවෙක් මරුට

වීරකැටිය, ගජනායකගම ප්‍රදේශයේ දී සිදුකළ වෙඩිතැබීමකින් වයස අවුරුදු 14ක දරුවෙක් ජීවිතක්ෂයට පත්ව ඇත.

පවුල් ආරවුලක් හේතුවෙන් සිදු වූ ගැටුමක් දුරදිගයමින් සිදුකළ වෙඩිතැබීමකින් අදාළ දරුවා බරපතළ ලෙස තුවාල ලබා වීරකැටිය රෝහලට ඊයේ (19) රාත්‍රී 10.00ට පමණ ඇතුළත් කර ති‌බේ.

වැඩිදුර ප්‍රතිකාර සඳහා තංගල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව දරුවා මියගොස් ඇති බව වාර්තා වේ.

වෙඩිතැබීම සිදුකළ පුද්ගලයා කවුරුන්ද පිළිබඳව මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන තංගල්ල පොලීසිය සිදුකරයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *