ක්‍රීඩා

T20 ලෝක කුසලානයේ නිල තේමා ගීතය එළිදක්වයි

පන්දුවාර 20යි 20 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ නිල තේමා ගීතය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ඊයේ (23) එළිදක්වා තිබේ.

පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඔක්තෝබර් 17වනදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී ආරම්භ වීමට නියමිතය.

මෙම තේමා ගීතයේ සංගීතය නිර්මාණය සිදුකර ඇත්තේ සුප්‍රකට සංගීතඥයෙකු වන අමිත් ත්‍රිවේදී විසිනි.

2D සහ 3D රූපවාහානි තාක්ෂණය භාවිතා කරමින් විඩියෝ නිර්මාණය සිදුකර ඇති අතර ගීතයේ නිෂ්පාදන කටයුතු සඳහා 40කට වැඩි සංඛ්‍යාවක් එක්වී ඇති බව සඳහන් වේ.

ඉන්දීය ක්‍රිකට් නායක විරාත් කෝලි, කොදෙව් ක්‍රිකට් නායක කයිරන් පොලාඩ්, ඔස්ට්‍රේලියා වේග පන්දු යවන ක්‍රීඩක ග්ලේන් මැක්ස්වෙල්, ඇෆ්ගනිස්තානයේ රශීඩ් ඛාන්ගේ රුව එහි සජීවිකරණයට ලක්කර තිබේ.

ඔක්තෝබර් 17වනදා ආරම්භ වන ලෝක කුසලාන 20යි 20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ඕමානය සහ පැපුවා නිව්ගීනියා අතර පැවැත්වීමට නියමිතය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *