ක්‍රීඩා

අපරාජිතව සිටි පකිස්තානය පරාජය කර ඕස්ට්‍රේලියාව T20 අවසන් මහා තරගයට

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමේ අවස්ථාව ඊයේ (11) ඕස්ට්‍රේලියානු කණ්ඩායමට හිමි විය.

ඒ, කිසිඳු තරගයක් පරාජයට පත් නොවී සිටි පකිස්තාන කණ්ඩායම කඩුලු 05 කින් පරාජයට පත් කරමිනි.

තරගයේ කාසියේ වාසිය දිනූ ඕස්ට්‍රේලියානු කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කරන ලදි.

ඒ අනුව පළමුව පන්දුවට පහරදුන් පකිස්තාන කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 04 ක් දැවී ලකුණු 176 ක් රැස් කළේය.

එහිදී මොහොමඩ් රිස්වාන් ලකුණු 67ක් ද ෆකර් සමාන් නොදැවී ලකුණු 55ක් ද රැස් කළේය.

ජයග්‍රහනය සඳහා ලකුණු 177ක ඉලක්කයක් සමග පිටියට පිවිසි ඕස්ට්‍රේලියානු කණ්ඩායම 19 වන පන්දුවාරයේදී කඩුලු 05 ක් දැවී සිය ජයග්‍රහණය හඹා ගියේය.

එහිදී ඩේවිඩ් වෝනර් වේගවත් ලකුණු 49 ක් රැස් කළ නමුත් ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ පළමු කඩුලු 03 ලකුණු 77 ක් තුළ බිඳ වැටුණි.

නමුත් බලාපොරොත්තු අත් නොහැරී ඕස්ට්‍රේලියානුවන් අවසන් පන්දු 40 දී 06 වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 81ක විශිෂ්ඨ සබඳතාවක් ගොඩනගන ලදි.

ඒ අනුව මැතිව් වේඩ් සහ මාකස් ස්ටොනික්ස් ඕස්ට්‍රේලියාව ජයග්‍රහණය කරා රැගෙන යන ලදි.

පකිස්තාන කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක සිටි ශාහීන්ශා අෆ්රිඩී යැවූ 19 වන පන්දු වාරයේදී මැතිව් වේඩ් ලබාදුන් උඩ පන්දුවක් හසන් අලී අතින් ගිලිහී යාම පකිස්තාන කණ්ඩායමට තීරණාත්මකම අවස්ථාවක් විය.

කෙසේ වෙතත් මෙම තරගයෙන් ජයගත් ඕස්ට්‍රේලියානුවන් නවසීලන්ත කණ්ඩායම සමගින් එළඹෙන ඉරිදා (14) පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය සඳහා තරග වැදීමට නියමත වේ.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?