දේශීය

වරායේ සිරවී ඇති අත්‍යවශ්‍ය ආහාර නිදහස් කරන්න අගමැතිගෙන් නියෝග

වරාය තුළ සිරවී ඇති අත්‍යවශ්‍ය ආහාර තොග වහාම නිදහස් කරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නියෝග කර තිබේ.

අද (24) ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ ජීවන වියදම් පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාව රැස්වූ අතර අග්‍රාමාත්‍යවරයා එහිදී රේගු අධ‍්‍යක්ෂ ජනරාල්වරයාට සහ ආනයන අපනයන පාලක ජනරාල්වරයාට මෙම නියෝගය සිදුකර ඇත.

එමෙන්ම එලෙස නිදහස් කරන අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කඩිනමින් සතොස සහ අත්‍යවශ්‍ය ආහාර ආනයනකරුවන් හරහා ජනතාව වෙත බෙදාහැරීමට ද එම සාකච්ඡාවේදී තීරණය කර තිබේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *