කොළඹ මහනගර සභා සීමාවේ මෙතෙක් ලියාපදිංචි නොකළ දේපළ ලැයිස්තුවක් නිකුත් කෙරේ
කොළඹ මහනගර සභා සීමාවේ මෙතෙක් ලියාපදිංචි නොවූ සියලුම දේපළ විස්තර සම්බන්ධයෙන් වාර්තාවක් කොළඹ මහනගර සභාව විසින් නිකුත් කර තිබේ.
කොළඔ මහානගර සභාවේ වරිපනම් ලේඛනයේ මෙතෙක් අයිතිය ලියාපදිංචි කර නොමැති දේපළවල හිමිකාරීත්වය දරණ අයිතිකරුවන් විසින් තම දේපළවල හිමිකම තහවුරු කරගැනීම අනිවාර්ය බව පසුගියදා කොළඹ මහනගර සභාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබුණි.
ඒ අනුව 2021 නොවැම්බර් 30 වන දිනට පෙර ලියාපදිංවිය සිදුකර ගැනීම අනිවාර්ය බවත් 2022 වරිපනම් ගෙවීමේ ලදුපත් හිමිකරුගේ නමින් නිකුත් කිරීම් සඳහා මෙම ලියාපදිංචිය අනිවාර්ය බවත් එහිදී වැඩිදුරටත් සඳහන් කර තිබුණි.

Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

