දේශීය

සරසවි කඩයිම් ලකුණු ලබන මස මුල් සතියේ – විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව

විශ්වවිද්‍යාලවලට සිසුන් ඇතුළත් කර ගැනීම සඳහා වූ කඩයිම් ලකුණු ලබන මස මුල් සතියේ නිකුත් කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි.

පසුගිය වර්ෂයේ පැවති උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මත විශ්වවිද්‍යාල සඳහා අයැදුම් කළ සිසුන් බඳවා ගැනීමට අදාළව මෙම කඩයිම් ලකුණු නිකුත් කරන බව එහි සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සඳහන් කරයි.

මෙවර විශ්වවිද්‍යාල සඳහා සිසුන් 42,000ක් පමණ බදවා ගන්නා බව සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *