විදේශීය

උතුරු කොරියාවෙන් කෙටිදුර මිසයිලයක්

උතුරු කොරියාව විසින් කෙටිදුර මිසයිලයක් ඔවුන්ගේ නැගෙනහිර මුහුදු කලාපයට නිකුත්කර ඇති බව දකුණු කොරියානු හමුදාව පවසයි.

ස්ව ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කිරීමට සහ අවි ආයුධ අත්හදාබැලීමට තමන්ට ඇති අයිතිය අහිමි කිරීමට කිසිවෙක්ට නොහැකි බව උතුරු කොරියානු තානාපතිවරයා එක්සත් ජාතීන්ගේ සංවිධානය අමතමින් පවසන අතරතුර එම මිසයිල අත්හදාබැලීම සිදුකර ඇති බව වාර්තා වේ. 

මීට සති කිහිපයකට පෙර බැලස්ටික් සහ කෘස් මිසයිල අත්හදා බැලීමට උතුරු කොරියාව කටයුතු කර ඇත.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *