දේශීය

උපාධිධාරීන් 51,000කට ස්ථීර පත්වීම්

රැකියා විරහිත උපාධිධාරීන් 51,000කට රජයේ ස්ථීර පත්වීම් ලබා දීම 2022 ජනවාරි 03 වන දා සිට ආරම්භ කරන බව කැබිනට් අනුකාරක සභාවේ සභාපති, අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

ඒ සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇති අතර තරුණ ප්‍රජාව රැකියාගත කිරීමේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සංකල්පයක් මත මෙය ක්‍රියාත්මක වන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

ඒ අනුව දැනට පුහුණුව ලබන රැකියා විරහිත උපාධිධාරීන් 51,000 රජයේ සංවර්ධන නිලධාරීන් ලෙස නියමිත රැකියා ස්ථානයේ ස්ථානගත කිරීමට නියමිතව ඇත.

ඔවුන්ගෙන් වසරක පුහුණුව සම්පූර්ණ කළ 42,500ක පමණ පිරිසකගේ සේවය එදිනම ස්ථීර කරන බවයි අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේ.

2021 පෙබරවාරි හා මාර්තු මාසවල පුහුණුව සඳහා බඳවා ගත් පිරිස, වසරක කාලය සම්පූර්ණ වීමෙන් පසු ලබන වසරේ අප්‍රේල් 1 වැනි දා ස්ථීර කිරීමට නියමිතය.

දැනට පුහුණුව ලබන මෙසේ බඳවාගත් උපාධිධාරීන් ස්ථීර කිරීමට අවශ්‍ය ක්‍රියාවලිය මේ වන විට ආරම්භ වී ඇති අතර ඊට අදාළ ලිපි, රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය විසින් අදාළ පළාත් සභා ලේකම්වරු වෙත ද යොමු කර තිබේ.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?