ක්‍රීඩා

සීමිත ප්‍රේක්ෂක පිරිසකට LPL තරග සජීවීව නැරඹිමට අවසර ලැබෙන ලකුණු

එළඹෙන දෙසැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිත LPL ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අදියරේ තරග ප්‍රේක්ෂක සහභාගිත්වයෙන් යුතුව පැවැත්වීමට අවධානය යොමුව තිබෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වෛද්‍ය කමිටුවේ සභාපති මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා සඳහන් කර තිබෙනවා.

ක්‍රීඩාංගනවල ප්‍රේක්ෂක ධාරිතාවයෙන් සියයට 25 කට ක්‍රීඩාංගනයේ සිට තරග නැරඹීම සඳහා අවස්ථාව ලබාදීමට අවධානය යොමුකර ඇති අතර කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා දෙකම ලබාගත් පුද්ගලයින්ට පමණක් මේ සඳහා අවස්ථාව හිමි වන බව මහාචාර්ය අර්ජුන ද සිල්වා වැඩිදුරටත් සඳහන් කළේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *