Latestක්‍රීඩා

රනූදගේ ශතකය ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට ජයගෙනෙයි

එංගලන්ත හා ශ්‍රී ලංකා 19 පහල  කණ්ඩායම් අතර පැවති ප්‍රථම යොවුන් ටෙස්ට් තරගය කඩුලු තුනකින් කින් ජයගැනීමට සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම මීට සුලු මොහොතකට පෙර සමත්වුණා.

ලකුණු 273ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායම මහනුවර ත්‍රිත්ව විදුහලේ රනූද සෝමරත්න විසින් රැස්කරනුලැබූ අගනා ශතකයක හේතුවෙන් තරගය අවසන් වීමට පන්දු 11 ඉතිරිව තිබියදී ජයග්‍රහනය තමන් සතුකර ගත්තා.

එංගලන්ත පලමු ඉනිම ලකුණු 387 කට සීමාකල ශ්‍රී ලංකා කන්ඩායම සිය පළමු ඉනිමේදී ලකුණු 407ක් රැස්කලා. එහිදී අසිත වන්නිනායක ලකුණු 132ක් ලබාගනිමින් කැපීපෙනෙන දස්කම් දැක්වූවා.

තරගයේ හතරවන දිනයවූ අදදින සත්කාරක කණ්ඩායමේ දෙවන ඉනිම ලකුණු 292 කට සීමා කලේ වනුජ කුමාර සහ දුවින්ඳු රණතුංග කඩුලු හතක් දෙදෙනා අතර බෙදාගනිමින්. ජයග්‍රහනය සඳහා රනූද සෝමරත්න විසින් නොදැවී රැස්කරනු ලබූ ලකුණු 120ට හතරේ පහර 12ක් සහ එක් හයේ පහරක් ඇතුලත්වුණා.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?