ඉන්දීය විදේශ ලේකම් දළඳා සමිදුන් වැඳ පුදා ගනී
සිව් දින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම් හර්ෂ් වර්ධන් ෂ්‍රිංග්ලා මහතා අද (03) මහනුවරට පැමිණ දළඳා සමිඳුන් වැද පුදාගෙන තිබේ.
ඉන්දීය විදේශ ලේකම්වරයා මහනුවර සංචාරයෙන් අනතුරුව ත්‍රිකුණාමලයේ හා යාපනයේ ද සංචාරය කිරීමට නියමිතය.
හර්ෂ් වර්ධන් ෂ්‍රිංග්ලා මහතා මෙම සංචාරයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ , අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ යන මහත්වරුන් හමුවීමට ද නියමිතව ඇත.
ඉන්දීය විදේශ ලේකම් ශ්‍රී හර්ෂ් වර්ධන් ෂ්‍රිංග්ලා මහතා සිව් දින නිල සංචාරයක් සඳහා ඊයේ (02) රාත්‍රියේ දිවයිනට පැමිණ තිබේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

