දේශීය

අවුරුදු 18 – 19 අතර පාසල් සිසුන්ට ෆයිසර් එන්නත

වයස අවුරුදු 18 – 19 අතර ඛාණ්ඩය සඳහා එළඹෙන 21 වැනිදා සිට ෆයිසර් එන්නත කරණය සිදු කිරීමට කටයුතු සුදානම් කර තිබේ.

ඒ අනුව මෙම වයස්වල සිටින පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ඔවුන්ගේ පාසලේදී ෆයිසර් එන්නත ලබාගත හැකි බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කර ඇත.

එසේම පාසල් නොයන වයස අවුරුදු 18-19 අතර වයස් ඛාණ්ඩයේ තරුණ තරුණියන්ට ඔවුන් අයත් ප්‍රදේශයේ ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේදී ෆයිසර් එන්නත ලබාගත හැකි බව ද එම මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?