ලෝක මානසික සෞඛ්‍ය දිනය අදයි
ලෝක මානසික සෞඛ්‍ය දිනය අදට (10) යෙදී තිබේ.
“සැමට මානසික සෞඛ්‍ය සත්කාර – එය යථාර්ථයක් කරමු” යන තේමාව යටතේ මෙවර ලොව පුරා මානසික සෞඛ්‍ය දිනය සමරනු ලබයි.
කොවිඩ් වසංගතය හමුවේ මානසික සෞඛ්‍ය කෙරෙහිවන සාමාජ අවධානය වර්ධනය කිරීමේ අවශ්‍යතාව ඉහළ ගොස් තිබේ.
කොවිඩ් ආසාදිතයින් මෙන්ම ආසාදිතයින් නොවන පිරිස්ද පවතින සමාජ වටපිටාව තුළ විශාදය සහ කාංසාව තත්ත්වයන්ට මුහුණදීම ඊට හේතුව වී ඇත.
සෑම තත්පර 40කට වරක්ම පුද්ගලයෙකු සිය දිවි හානි කර ගන්නා බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තා වල සඳහන් වේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

