ඕමානයට එරෙහි T20 තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඕමාන කණ්ඩායම අතර පැවැති දෙවන විස්සයි විස්ස තරගය කඩුලු 05කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.
තරගයේ කාසිය වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට ඕමාන කණ්ඩායමට ආරාධනා කළේය.
ඒ අනුව ඕමාන කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 8ක් දැවී ලකුණු 159ක් ලබා ගත්තේය.
ඕමාන කණ්ඩායම වෙනුවෙන් අකිබ් ඉල්යාස් ලකුණු 59ක් ද කාශ්‍යප් ප්‍රජාපති ලකුණු 22ක් ද රැස් කිරීමට සමත්විය.
පන්දු යැවීමේදී ළහිරු කුමාර සහ චාමික කරුණාරත්න කඩුලු දෙක බැගින් දවාගත් අතර බිනුර ප්‍රනාන්දු, දසුන් ශානක සහ මහේෂ් තීක්ෂණ එක් කඩුල්ල බැගින් දවාගත්තේය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීම සඳහා පිටියට පැමිණි ශ්‍රි ලංකා කණ්ඩායම පන්දුවාර 17 යි පන්දු 2ක් තුළ කඩුලු 5ක් පමණක් දැවී ජයග්‍රහණය වාර්තා කළේය.
ශ්‍රි ලංකා කණ්ඩායම වෙනුවෙන් භානුක රාජපක්ෂ සහ චාමික කරුණාරත්න නොදැවී ලකුණු 35ක් බැගින් රැස්කළහ.
ඒ අනුව තරග දෙකකින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය 2-0 ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

