දේශීය

මෝටර් රථ දෙපාර්තමේන්තුවේ සේවා තවදුරටත් පුළුල් කෙරේ

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මඟින් ලබාදෙන සේවා තවදුරටත් පුළුල් කරන ලෙස ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය නිලධාරින්ට උපදෙස් ලබාදී තිබේ.

ඒ අනුව වාහන ලියාපදිංචිය නිකුත් කිරීම, රියදුරු බලපත්‍ර නිකුත් කිරීම හා වාහන පැවරීම සඳහා ක්‍රියාත්මක එක්දින සේවාවන් තවදුරටත් ව්‍යාප්ත කරන ලෙස අමාත්‍යවරිය මෙහිදී උපදෙස් දී ඇත.

මේ වන විට රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ එක්දින සේවාව ක්‍රියාත්මක වන්නේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වේරහැර, හම්බන්තොට හා අනුරාධපුර යන කාර්යාලවල පමණී.

එමෙන්ම වාහන ලියාපදිංචි කිරීමේ එක්දින සේවාව ක්‍රියාත්මක වන්නේ නාරාහේන්පිට, ගම්පහ, අනුරාධපුර, හම්බන්තොට, කුරුණෑගල හා යාපනය යන කාර්යාලවලය.

මාර්ග ගත ක්‍රමය ඔස්සේ සේවාවන් සැපයෙන්නේ වේරහැර, හම්බන්තොට, අනුරාධපුර, කළුතර, ගම්පහ, මහනුවර, කුරුණෑගල හා මොනරාගල යන කාර්යාලවල පමණක් සිදු කෙරෙයි.

එම සේවාවන් පුළුල් කරමින් දිවයින පුරා දිස්ත්‍රික්ක 25 තුළම පිහිටුවා ඇති ශාඛා කාර්යාල තුළින් ඉහත සේවාවන් ලබාගැනීමට ජනතාවට පහසුකම් සපයා දෙන ලෙසටත් අමාත්‍යවරිය උපදෙස් ලබාදී තිබේ.

නව තාක්ෂණය ඒ සඳහා යොදා ගත යුතු බව ද මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ ප්‍රගති සමාලෝචනයට එක්වෙමින් අමාත්‍යවරිය සඳහන් කර ඇත.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මඟින් දෛනිකව රියදුරු බලපත්‍ර 2,000ක්, වාහන පැවරීම් බලපත්‍ර 1,500ක්, වාහන ලියාපදිංචි කිරීම් 1,200ක් ඇතුළු සේවා රැසක් සිදුකරනු ලබයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *