විදේශීය

සිඩ්නි නුවර ලොක්ඩවුන් සීමා ඉවත් කරයි

ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර ලොක්ඩවුන් සීමා ඉවත් කිරීමට පියවර ගෙන තිබේ.

ඒ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ අවුරුදු 16ට වැඩි ජනගහනයෙන් 70%කට වඩා පූර්ණ එන්නත්කරණයට ලක් කිරීමෙන් පසුවය.

ලොක්ඩවුන් සීමා ඉවත් කිරීමත් සමග සිඩ්නි නුවර ආපනශාලා, අවන්හල් හා ව්‍යායාම් ශාලා නැවත විවෘත කිරීමට අවසර ලබා දී තිබේ.

කෙසේවෙතත් එම ස්ථාන වෙත ඇතුළු වීමට අවසර හිමිවන්නේ පූර්ණ එන්නත්කරණයට ලක්ව සිටින පුද්ගලයින්ට පමණයි.

මෙලෙස සිඩ්නි නුවර ලොක්ඩවුන් සීමා ඉවත් කර කෙරුණේ දින 106කට පසුවයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *