IPL අවසන් වටයට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සුදුසුකම් ලබයි
ඊයේ (10) පැවති ප්ලේ ඕෆ් තරග වටයේ පළමු අවසන් පුර්ව තරගයේ දී දිල්ලි කැපිටල්ස් කණ්ඩායම කඩුලු 04කින් පරාජයට පත් කළ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට සමත් විය.
තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් දිල්ලි කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 05ක් දැවී ලකුණු 172ක් රැස්කළේය.
ජයග්‍රහනය සඳහා ලකුණු 173ක ඉලක්කයක් සමග පිටියට පිවිසි චෙන්නායි කණ්ඩායම පන්දුවාර 19යි පන්දුවාර 4ක් අවසානයේ කඩුලු 06ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසුකර ගියේය.
ප්ලේ ඕෆ් තරග වටයේ දෙවන අවසන් පුර්ව තරගයට සුදුසුකම් ලබාගැනීමේ තවත් තරගයක් රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සහ කොල්කටා නයිට්රයිඩ්ර්ස් කණ්ඩායම අතර අද (11) පැවැත්වීමට නියමිත වේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

