දේශීය

අගමැති සහ ගුරු – විදුහල්පති නියෝජිතයින් අතර සාකච්ඡාවක් අද

ඔන්ලයින් වර්ජනයේ නිරත ගුරු වෘත්තීය සමිති නියෝජිතයින් සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද (12) පැවැත්වීමට නියමිතය.

මෙම සාකච්ඡාව අරලියගහ මන්දිරයේදී පැවැත්වෙනු ඇත.

මෙහිදී  වැටුප් ගැටලුවට සාධනීය විසඳුමක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා සඳහන් කළේය.

වැටුප් විෂමතා ඇතුලු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ගුරු විදුහල්පති වෘත්තීය සමිති ආරම්භ කර ඇති මෙම වර්ජනයට අදට දින 93ක් ගත වේ.

අද පැවැත්වෙන සාකච්ඡාවේදී සිය ඉල්ලීම්වලට විසදුම් නොලැබුනොත් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාර්ලීන් මහතා වැඩිදුරටත් සඳහන් කරයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *