දේශීය

සරසවි කඩයිම් ලකුණු ඉදිරි දෙසතිය තුළ නිකුත් කිරීමට කටයුතු

පසුගිය උසස් පෙළ විභාග ප්‍රතිඵල මත විශ්වවිද්‍යාය සඳහා සිසුන් බඳවා ගැනීමේ කඩයිම් ලකුණු ඉදිරි දෙසතිය ඇතුළත නිකුත් කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සඳහන් කරයි.

මේ වනවිටත් එම කටයුතු අවසන් අදියරේ පවතින බවයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නියෝජ්‍ය සභාපති මහාචාර්ය චන්දන උඩවත්ත මහතා සඳහන් කළේ.

එසේම ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ මෙවර විශ්වවිද්‍යාලවලට බඳවා ගැනීමට අපේක්ෂිත ශිෂ්‍ය සංඛ්‍යාව 44,000ක් වන අතර විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයැදුම්පත් එක් ලක්ෂ පන්දහසකට අධික ප්‍රමාණයක් ලැබී ඇති බවයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *