ළමුන් 200ට අඩු පාසල් අද ආරම්භ කරයි
කොවිඩ් වෛරසය හේතුවෙන් වසා දමා තිබූ පාසල් අදියර කිහිපයක් ඔස්සේ අධ්‍යයන කටයුතු සඳහා විවෘත කිරීම අද (21) දිනයේ සිට ආරම්භ වේ.
එහි පළමු අදියර ලෙස 200ට අඩු ළමුන් සිටින පාසල්වල ප්‍රාථමික ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු අද සිට ආරම්භ කිරීමට නියමිතව ඇත.
මේ පිළිබද අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කළේ පාසල්වල අධ්‍යයන කටයුතු ආරම්භ කිරීම සදහා අවශ්‍ය සියලු පහසුකම් පාසල්වලට ලබා දී ඇති බවයි.
එසේම ඉදිරි සති කිහිපය තුළ ක්‍රමානුකූලව දිවයිනේ සෙසු පාසල් ද අධ්‍යයන කටයුතු ද ආරම්භ කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

