බස්නාහිර පළාතේ විශේෂ මෙහෙයුමකින් 948ක් අත්අඩංගුවට
බස්නාහිර පළාත ආවරණය වන පරිදි අපරාධ නිවාරනය සඳහා සිදුකෙරන වරෙන්තුකරුවන් අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුමක දී සැකකරුවන් 948 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඊයේ (23) උදෑසන 7.00 සිට සවස 5.00 දක්වා කාලය තුළ මෙම විශේෂ මෙහෙයුම සිදු කර ඇති බව පොලීසිය පවසයි.
එහිදි අධිකරණය මග හරිමින් සිටි වරෙන්තුකරුවන් 398ක්, විවිධ අපරාධ සම්බන්ධයෙන් සැකකරුවන් 60ක්, දුෂණ වැරදි සම්බන්ධයෙන් සැකකරුවන් 405ක් ඇතුළුව සැකකරුවන් 948දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

