රාජා කොල්ලුරේ කොමියුනිස්ට් පක්ෂ සභාපති ධුරයෙන් ඉවතට
රාජා කොල්ලුරේ වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂ සභාපති ධුරයෙන් ඉවත් කළ බව ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය සඳහන් කළේ අද (24) පක්ෂ මූලස්ථානයේදී රැස් වූ පක්ෂ මධ්‍යම කාරක සභාවට දේශපාලන මණ්ඩලය විසින් ගෙන ආ යෝජනාවක් සම්මත කිරීමෙන් රාජා කොල්ලුරේ මහතා එලෙස සභාපති ධුරයෙන් ඉවත් කළ බවයි.
පක්ෂයේ ප්‍රධාන ලේකම් විශේෂඥ වෛද්‍ය ජී. වීරසිංහ මහතා මේ පිළිබඳව විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත බව ද එම පක්ෂය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

