දේශීය

බුද්ධි මාරඹේ කෘෂිකර්ම අමාත්‍යංශයේ තනතුරුවලින් ඉවත් කෙරේ

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කෘෂි විද්‍යා පීඨයේ මහාචාර්ය බුද්ධි මාරඹේ මහතා, කෘෂිකර්ම අමාත්‍යංශයේ දැරූ සියලු තනතුරුවලින් ඉවත් කර ඇත.

කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අමාත්‍යංශ ලේකම් මහාචාර්ය උදිත් ජයසිංහ මහතාට ඒ පිළිබඳ උපදෙස් ලබා දී ඇති බව කෘෂිකර්ම අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.

එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් කර ඇත්තේ බුද්ධි මාරඹේ මහතා ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්ති සම්පාදන කමිටුවේ සාමාජික ධුරයෙන්, කෘෂි නව්‍යකරණ ව්‍යාපෘතියේ මෙහෙයුම් කමිටුවේ සාමාජික ධුරයෙන් සහ කුඩා ව්‍යාපාර කෘෂි වැඩසටහනේ උපදේශක ධුරයෙන් ඉවත් කර ඇති බවයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *