දේශීය

හිටපු උතුරු පළාත් ආණ්ඩුකාරවරිය මැතිවරණ කොමිෂන් සභාවට

මැතිවරණ කොමිසමේ සාමාජිකත්වය සඳහා පී.එස්.එම්. චාල්ස් මහත්මිය පත් කිරීම සඳහා ජනාධිපතිවරයා කළ යෝජනාවට පාර්ලිමේන්තු සභාවේ අනුමැතිය හිමි වී ති‌බේ.

මීට පෙර මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයෙකු ලෙස කටයුතු කළ ජීවන් ත්‍යාගරාජා මහතාගේ ඉල්ලා අස්වීමෙන් ඇති වු පුරප්පාඩුව සඳහා ය.

පී.එස්.එම් චාල්ස් මහත්මිය මීට පෙර උතුරු පළාතේ ආණ්ඩුකාරවරිය ලෙසත්, සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ ලේකම් ධුරයෙත්, රේගු අධ්‍යක්ෂ ජනරාල් ධුරයෙත් කටයුතු කර තිබේ.

මැතිවරණ කොමිසමේ සාමාජිකයෙකු ලෙස කටයුතු කළ ජීවන් ත්‍යාගරාජා මහතා උතුරු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස පත් කිරීමට ජනාධිපතිවරයා පසුගියදා පියවර ගත්‌තේ ය.

මේ අතර සී. සිවඥානසෝති මහතාගේ අභාවයෙන් පුරප්පාඩු වූ රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සාමාජිකත්වය සඳහා සුන්දරම් අරුමෙයිනායහම් මහතා පත් කිරීමට ද පාර්ලිමේන්තු සභාවේ අනුමැතිය හිමි වී තිබේ.

පාර්ලිමේන්තු සන්නිවේදන ඒකකය සඳහන් කළේ ඔහු මීට පෙර විදේශ රැකියා සහ වෙළඳපොළ විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍යාංශය ඇතුළු රාජ්‍ය අමාත්‍යාංශ කිහිපයක ලේකම්වර‌යෙකු ලෙස කටයුතු කර ඇති බවයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *