දේශීය

කොවිඩ් මර්දන කමිටුව අද රැස්වෙයි

කොවිඩ් මර්දන විශේෂ කමිටුව අද (29) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට නියමිතය.

දැනට ක්‍රියාත්මක පළාත් අතර සංචරණ සීමා ලබන 31වන දා අලුයම 4.00ට ඉවත් කිරීමට පසුගිය දා පැවැති කොවිඩ් මර්දන විශේෂ කමිටු රැස්වීමේදී තීරණය කර තිබේ.

ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සඳහන් කළේ අද පැවැත්වෙන කොවිඩ් මර්දන රැස්වීමේදී සංචරණ සීමා ඉවත් කිරීමෙන් පසු පළාත් අතර බස්රථ ධාවනය සහ දුම්රිය සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවයි.

අද පැවැත්වෙන කොවිඩ් මර්දන විශේෂ කමිටු රැස්වීමේදී උපකාර පංති යළි ආරම්භ කිරීම සම්බන්ධයෙන් ද අවසාන තීරණයක් ගැනීමට නියමිත බව වාර්තා වේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *