ක්‍රීඩා

දකුණු අප්‍රිකාවට කඩුලු 04ක ජයක්

පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 වටයේ ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවති තරගයෙන් ජය ගැනීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් විය.

ඒ අනුව තරගය ජය ගැනීම සඳහා දකුණු අප්‍රිකානුවන්ට හිමිවී ඇති ඉලක්කය ලකුණු 143කි.

තරගයේ කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ආරධනයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට  පහර දෙන ලදි.

එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 142ක් රැස් කළේය.

අගනා ඉනිමක් ක්‍රීඩා කළ පැතුම් නිශ්ශංක පන්දු 58කදී ලකුණු 72ක් ලබා ගත්තේය.

ලකුණු 143ක ඉලක්කයක් සමග පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකානුවන් පන්දුවාර 19යි පන්දු 5ක් අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 146ක් ලබා ගනිමින් සිය ජයග්‍රහණය වාර්තා කළේය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දු ගැවිමේදී කඩුලු ත්‍රිත්වයක් ලබා ගැනීමට වනිඳු හසරංග සමත්විය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *