ක්‍රීඩා

පාකිස්තාන කණ්ඩායම 20යි 20 අවසන් පූර්ව වටයට

නැමීබියාව සහ පාකිස්තානය අතර ඊයේ (02) පැවැති තරගයෙන් ජයගැනීමට පාකිස්තාන කණ්ඩායමට හැකි විය.

තරගයේ කාසිය වාසිය දිනූ පාකිස්තාන කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය.

ඒ අනුව, පාකිස්තාන කණ්ඩායම නියමිත පන්වාර 20 අවසානයේ කඩුලු 2ක් දැවී ලකුණු 189ක් රැස් කළේය.

එහිදී බාබර් අසාම් ලකුණු 70ක් ද මොහොමඩ් රිස්වාන් නොදැවී ලකුණු 79ක් ද රැස් කළේය.

ලකුණු 190ක ඉලක්කයක් සමග පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි නැමීබියානු කණ්ඩායමට හැකි වූයේ  නියමිත පන්දුවාර 20 අවසානයේ ලකුණු 144ක් රැස් කිරීමට පමණි.

එහිදී ක්‍රේග් විලියම්ස් ලකුණු 40ක් ද ඩේවිඩ් වීස් නොදැවී ලකුණු 43ක් රැස් කළේය.

පන්දු යැවීමේදී පාකිස්තාන කණ්ඩායම වෙනුවෙන් හසන් අලි, ඉමාඩ් වසීම්, හරිස් රවුෆ් සහ ෂඩාබ් ඛාන් එක් කඩුල්ල බැගින් දවා ගන්නා ලදි.

ඒ අනුව විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයට තේරී පත් වීමට පාකිස්තාන කණ්ඩායම සමත් විය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *