දේශීය

නායයෑම් අනතුරු ඇඟවීම් තවදුරටත්

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 8කට පනවා ඇති නායයෑම් අනතුරු නිවේදනය තවදුරටත් දීර්ඝ කර තිබේ.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ මාතලේ, බදුල්ල, රත්නපුර, නුවරඑළිය, කෑගල්ල, මහනුවර, කළුතර, ගාල්ල යන දිස්ත්‍රික්ක සඳහා එම නායයෑම් අනතුරු ඇගවීම් නිවේදන නිකුත් කර ඇති බවයි.

මේ හේතුවෙන් අදාළ දිස්ත්‍රික්කවල ජනතාව වැඩි අවධානයක් යොමුකළ යුතු බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?