ඔස්ට්‍රේලියාවට පහසු ජයක්
විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 තරග වටයේ ඔස්ට්‍රේලියාව සහ බංග්ලාදේශය අතර ඊයේ (04) පැවැති තරගයෙන් පහසු ජයක් වාර්තා කිරීමට ඔස්ට්‍රේලියාව හැකි විය.
තරගයේ කාසියේ වාසිය දිනාගත් ඔස්ට්‍රේලියා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදුන් දීමට බංග්ලාදේශ කණ්ඩායමට ආරාධනා කළේය.
ඒ අනුව බංග්ලාදේශ කණ්ඩායම පන්දු වාර 15ක දී සියලු දෙනා දැවී ලකුණු 73කට සීමා විය.
ඔස්ට්‍රේලියානු කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ ඇඩම් සැම්පා ලකුණු 19කට කඩුලු 5ක් දවා ගත්තේය.
මිචෙල් ස්ටාර්ක් කඩුලු 2ක් දවාගත්තේය.
ජයග්‍රහණය සඳහා ලකුණු 74ක ඉලක්කයක් සමග පිටියට පිවිසි ඔස්ට්‍රේලියා කණ්ඩායම පන්දුවාර 6යි පන්දු 2කදී කඩුලු 2ක් පමණක් දැවී ඉතා පහසු ලෙස සිය ජයග්‍රහණය හඹා ගියේය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

