බස්නාහිර මෙහෙයුමකින් සැකකරුවන් 1,019ක් අත්අඩංගුවට
බස්නාහිර පළාත ආවරණය වන පරිදි පැය 10ක් තුළ සිදුකළ මෙහෙයුමක දී වරෙන්තුකරුවන් ඇතුළු සැකකරුවන් 1,019ක් අත්අඩංගුවට ගෙන තිබේ.
බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ උපදෙස් අනුව ඊයේ (06) උදෑසන 7.00 සිට පස්වරු 5.00 දක්වා කාලය තුළ මෙම මෙහෙයුම සිදුකර ඇත.
එහිදී අධිකරණය මග හරිමින් සිටි වරෙන්තුකරුවන් 468ක්, විවිධ අපරාධවලට සම්බන්ධ සැකකරුවන් 70ක් සහ දූෂණ වැරදි සම්බන්ධයෙන් සැකකරුවන් 393ක් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම මෙහෙයුම් අඛණ්ඩව සිදුකරන බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා වැඩිදුරටත් සඳහන් කරයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

