දිස්ත්‍රික්ක කිහිපයකට අදත් වැසි
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී.100ට වැඩි තද වැසි ඇති විය හැකිය.
දිවයිනේ සෙසු ප්‍රදේශවල විශේෂයෙන් සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර ඇතැම් ස්ථානවලට මි.මී.75ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

