විදේශීය

නයිජර් රාජ්‍යයේ පාසලක ගින්නකින් ළමුන් 25 දෙනෙකු මරුට

අප්‍රිකානු කලාපයට අයත් නයිජර් රාජ්‍යයේ පාසලක හටගත් ගින්නකින් ළමුන් 25 දෙනෙකු මියගොස් තිබේ.

විදෙස් මාධ්‍ය පැවසුවේ මියගොස් ඇති ළමුන් සියලු දෙනා වයස අවරුදු 05ත් 06ත් අතර පසුවූවන් බවයි.

සිසුන් අධ්‍යාපනය ලබමින් සිටි පන්ති කාමර පෙළෙක ගින්න හටගෙන ඇති අතර එම පන්ති කාමර පෙළ, ගස්වල අතු සහ කොටන් ආධාරක වශයෙන් රඳවා අතු වර්ග සෙවිලි කර ඉදිකර තිබූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

ගින්න ව්‍යාප්තවීමත් සමග තවත් දරුවන් රැසක් පිළිස්සුම් තුවාල ලබා ඇති අතර ඔවුන් රෝහල්ගත කර තිබේ. ඉන් කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතල බව වාර්තා වේ.

එම සිද්ධියත් සමග පාසලේ කටයුතු තාවකාලිකව අත්හිටුවා තිබේ.

පාසලේ ස්ථිර ගොඩනැගිලි තිබුණ ද දරුවන් රැසක් සිටීම හා අඩු පහසුකම් හේතුවෙන් තාවකාලිකව ඉදිකළ පන්ති කාමරවල දරුවන් රැසක් ඉගෙනුම ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කළේ.

ගින්නට හේතුව කුමක්ද යන්න මෙතෙක් අනාවරණ වී නොමැති අතර නයිජර් රාජ්‍යය සැලකෙන්නේ අප්‍රිකානු කලාපයේ දිළිඳුතම රටක් ලෙසයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *