රඹුක්කන පස් කන්දක් කඩා වැටීමෙන් තිදෙනෙක් මරුට
කෑගල්ල රඹුක්කන, දොඹේමඩ ප්‍රදේශයේ නිවසක් මතට පස් කන්දක් කඩා වැටී නිවසේ සිටි පුද්ගලයින් තිදෙනෙකු මිය ගොස් ඇත.
තවත් එක් පුද්ගලයෙක් බරපතල තුවාල ලබා ඇති අතර ඔහු රඹුක්කන රෝහලට ඇතුළත් කිරීමෙන් පසු කෑගල්ල රෝහල වෙත මාරුකර යැවූ බව රඹුක්කන රෝහලේ අධ්යක්ෂ සුමින්ද ගමගේ මහතා පැවසීය.
නිවසේ සිටි මව සහ වයස අවුරුදු 08 ක දියණියත්, වයස අවුරුදු 13 ක ඥාති දියණියත් සිද්ධියෙන් මෙලෙස මරණයට පත්ව ඇති අතර පියා තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.
කෙසේවෙතත් මේ වන විට එම ප්‍රදේශයට යුද හමුදා නිළධාරීන් කණ්ඩායමක් යොදවා ඇති බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කළේය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

