Latestදේශීය

යූරියා පොහොර නෞකාවක් දිවයිනට

මැලේසියාවේ සිට යූරියා පොහොර නෞකාවක් ලබන සතියේ දිවයිනට ළඟා වීමට නියමිත බව පොහොර ලේකම් කාර්යාලයේ, අධ්‍යක්ෂ චන්දන ලොකු ලියන මහතා පැවසුවා. 

මෙම නෞකාවේ යුරියා මෙට්‍රික් ටොන් 22,000 ක් අන්තර්ගත වන අතර එම පොහොර මහ කන්නයේ වී වගාව සඳහා  ගොවින්ට බෙදා දීම සඳහා කටයුතු කිරීමට බලාපොරොත්තු වන  බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

මීන්  පෙර මෙසේ රැගෙන ආ යුරියා පොහොර මෙට්‍රික්  ටොන් 13,000 ක් මේ වන විට මහ කන්නයේ වී  වගාව සඳහා දැනටමත් ගොවීන්ට බෙදා  දී ඇති බවද සඳහන්.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *