සිරිසුමන හිමි, තිළිණි, ජානකී ඇතුළට දැම්මේ මමයි – අසාද් සාලි
තිළිණි ප‍්‍රියමාලි, ජානකී සිරිවර්ධන සහ බොරැල්ලේ සිරිසුමන හිමියන් යන සියලු දෙනා බන්ධනාගාරගත කර ඇත්තේ තමන්ගේ සාක්ෂි අනුව බව හිටපු බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි පැවසීය.
හෙතෙම මේ බව සඳහන් කළේ යූටියුබ් නාලිකාවක පැවති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අසාද් සාලි පැවසුවේ තිළිණි ප‍්‍රියමාලි සියලු මුදල් ගනුදෙනු සිදුකළේ ජානකී සිරිවර්ධනගේ කාර්යාලයේදී බවත් තමන්ව ඇයට හඳුන්වා දුන්නේද ජානකී සිරිවර්ධන විසින් බවත්ය.
තිළිණි ප‍්‍රියමාලි තමන්ගේ අනියම් බිරිඳ යයි ඔප්පු කළ හැකි සාක්ෂි තිබේ නම් එය ඔප්පු කරන්නැයි තමා ඕනෑම පුද්ගලයෙකුට අභියෝග කරන බවත් එහිදී අවධාරණය කළේය.
Ture News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

