දේශීය

මාවනැල්ල ප්‍රාදේශිය සභාවේ උප සභාපති අත්අඩංගුවට

මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ උප සභාපති සහ තවත් මන්ත්‍රීවරුන් දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ පසුගිය දා පාසලකට අයුතු ලෙස ඇතුළු වීමේ චෝදනාව මත සභාපතිවරයා ඇතුළු මන්ත්‍රීවරුන් එලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි.

පසුගිය 3වන දා ගරුවරුන්ට සහය පළ කරමින් විරෝධතාවයේ නිරත වූ මාවනැල්ල මෙඩේරිගම විද්‍යාලයේ සිසු දරුවන්ගේ දෙමව්පියන්ට තර්ජනය කිරීම හා පහරදීම සම්බන්ධයෙන් මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයා අත්අඩංගුවට ගන්නැයි බල කරමින් ඊයේ (09) මාවනැල්ල අධ්‍යාපන කලාපයේ ගුරුවරු විරෝධතාවයක ද නිරත වූහ.

මාවනැල්ල අධ්‍යාපන කලාපයේ පාසල් 137ක ගුරුවරුන් එලෙස මාවනැල්ල පොලීසිය ඉදිරිපිටට පැමිණ විරෝධය පළ කළහ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *