දේශීය

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 26 දක්වා ඉහළට

මේ දිනවල පවතින අධික වර්ෂාව හේතුවෙන් ඇති වූ ආපදාවන්ගෙන් පීඩාවට පත් පුද්ගලයින් සංඛාව 230,185 දක්වා ඉහළ ගොස් තිබේ.

වර්ෂාව හා නායයෑම් හේතුවෙන් මිය ගිය පුද්ගල සංඛ්‍යාව 26ක් බව තහවුරු වී ඇති බවත් තවදුරටත් එක් අයෙකු අතුරුදන්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසී ය.

මේ වන විට ආරක්ෂිත ස්ථාන 80 ක දී පුද්ගලයින් 12,700 කට අධික පිරිසක් රැඳී සිටී.

මෙම අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පූර්ණ නිවාස හානි 39 ක් පමණ වාර්තා වී ඇති අතර තවත්  නිවාස 1390 පමණ හානි සිදුව ඇති බව වාර්තා වී තිබේ.

පවතින අධික වැසි සමග ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස රැසකට නිකුත් කළ නායයාම් නිවේදනය අද පස්වරු 4 දක්වා දිර්ඝ කළ බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ  සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ වසන්ත සේනාධීර මහතා සඳහන් කළේය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *