උතුරු පළාත් හිටපු ආණ්ඩුකාරවරියගේ ගැසට් නිවේදනය නව ආණ්ඩුකාරවරයා අවලංගු කරයි
උතුරු පළාත් හිටපු ආණ්ඩුකාර පී.එස්.එම් චාල්ස් මහත්මිය විසින් මන්නාරම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාව ධූරයෙන් ඉවත් කරමින් ප්‍රකාශයට පත්කර තිබූ ගැසට් නිවේදනය අවලංගු කිරීමට උතුරු පළාත් නව ආණ්ඩුකාර ජීවන් ත්‍යාගරාජා මහතා පියවර ගෙන ඇත.
මන්නාරම ප්‍රාදේශීය සභාවේ සභාපති සාවුල් හමීඩ් මොහොමඩ් මුජාහීර් මහතා සම්බන්ධයෙන් විශ්‍රාමලත් අධිකරණ නිළධාරී කන්දයියා අරියනායගම් මහතා විසින් පරීක්ෂණයක් සිදුකර ලබාදුන් වාර්තාවකට අනුව සභාපතිවරයාව සභාපති ධූරයෙන් සහ සාමාජිකත්වයෙන් පහ කිරීමට උතුරු පළාත් ආණ්ඩුකාරවරිය පසුගියදා කටයුතු කර තිබුණි.
සාවුල් හමීඩ් මොහොමඩ් මුජාහීර් මහතා මන්නාරම ප්‍රාදේශීය සභාවේ සභාපති සහ සභික ධුරයෙන් ඉවත් කිරීමට ප්‍රකාශයට පත්කර තිබූ ගැසට් පත්‍රය වත්මන් උතුරු පළාත් ආණ්ඩුකාර ජීවන් ත්‍යාගරාජා මහතා විසින් ඔහුට පැවරී ඇති බලතලවලට අනුව අවලංගු කර තිබේ.
අදාළ ගැසට් නිවේදනය පහතින්,

Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

