අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ 76 වැනි උපන් දිනය අදයි
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ 76 වන උපන් දිනය අදට යෙදී තිබේ.
1945 වසරේ නොවැම්බර් 18 වන දා හම්බන්තොට වීරකැටිය ප්‍රදේශයේ උපත ලද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයෙන් ද පසුව කොළඹ නාලන්ද විද්‍යාලයෙන් සහ කොළඹ තර්ස්ටන් විද්‍යාලයෙන් ද අධ්‍යාපනය හදාරා තිබේ.
1967 වසරේදී ඔහුගේ පියාවූ ඩී. ඒ. රාජපක්ෂ මහතාගේ අභාවයෙන් පසුව මහින්ද රාජපක්ෂ මහතා බෙලිඅත්ත මැතිවරණ කොට්ඨාසය සඳහා ශ්‍රීලනිප අපේක්ෂකයා ලෙසින් ඉදිරිපත් විය.
1970 වසරේදී වයස අවුරුදු 24ක් වූ මහින්ද රාජපක්ෂ මහතා එවක පාර්ලිමේන්තුවට තේරී පත් වුණේ ලාබාලම මන්ත්‍රීවරයා ලෙසින්.
වර්ෂ 1994 සිට 2001 දක්වා චන්ද්‍රිකා කුමාරතුංග රජයේ කම්කරු හා ධීවර කටයුතු පිළිබඳ කැබිනට් අමාත්‍යවරයා ලෙස ද 2002 වසරේ මාර්තු මාසයේ දී විපක්ෂ නායකවරයා ලෙස ද ඔහු කටයුතු කල අතර 2004 අප්‍රේල් මාසයේ පැවති මහ මැතිවරණයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ 13 වන අගමැතිවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා පත්විය.
2005 නොවැම්බර් මස පවත්වන ලද ජනාධිපතිවරණය සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජනාධිපති අපේක්ෂක ලෙස මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් වූ අතර බහුතර ජනතාවගේ ඡන්දයෙන් එතුමා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 5 වන විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්විය.
ජනාධිපතිවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා සිටි 2009 වසරේදී වසර 30ක් පුරා පැවති එල්. ටී. ටී. ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමට ද සමත් විය.
2015 වසරේ ජනාධිපතිවරණය පරාජයට පත්වීමෙන් පසු නැවතත් 2019 ජනාධිපතිවරණයෙන් සිය බාල සොහොයුරා වූ ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය කරවීම සඳහා මහින්ද රාජපක්ෂ මහතා සිය නායකත්වය ද ලබා දුන්නේ ය.
ඒ අනුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිව්වන වරටත් අග්‍රාමාත්‍ය ධූරය හොබවමින් මේ වනවිට කටයුතු කරනු ඇත.