අමාත්‍යංශ කිහිපයක ආයතනික හා නෛතික රාමුව සංශෝධනය කෙරේ
අමාත්‍යංශ කිහිපයකට අදාළ ආයතනික හා නෛතික රාමුව සංශෝධනය කරමින් නව ගැසට් පත්‍රයක් ප්‍රකාශයට පත්කර තිබේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඊයේ (17) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි එම සංශෝධනයන් සිදුකර ඇති බව වාර්තා වේ.
ඒ අනුව ජනාධිපති කාර්යාලය, ජාතික ප්‍රමුඛතා වැඩසටහන යටතේ වන ආයතනික හා නෛතික රාමුව සංශෝධනය කර තිබේ.
ඊට අමතරව රාජ්‍ය ආරක්ෂක හා ආපදා කළමණාකරණ රාජ්‍ය අමාත්‍යංශයේ ආයතනික හා නෛතික රාමුව ද මුදල් අමාත්‍යංශයේ ආයතනික හා නෛතික රාමුව ද සංශෝධනය කර ඇති බව වාර්තා වේ.
ජනමාධ්‍ය අමාත්‍යංශය, නිපුණතා සංවර්ධන වෘත්තීය අධ්‍යාපන පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යංශය, විදේශ අමාත්‍යංශවල ආයතිනක හා නෛතික රාමුව ද ඊයේ නිකුත් කළ ගැසට් නිවේදනය අනුව සංශෝධනය කර තිබේ.
අදාළ ගැසට් නිවේදනය පහතින්,






Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

