ඉන්දියාවේ ගොවි පනත් 3ක් අහෝසි කරයි
කෘෂිකර්මාන්තය සම්බන්ධයෙන් හඳුන්වාදුන් මතභේදාත්මක නීති 03ක් අවලංගු කිරීමට තීරණය කළ බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදී පවසනවා. උත්තර් ප්‍රදේශ සහ පන්ජාබ් හි පැවැත්වීමට නියමිත මැතිවරණයට පෙර ඉන්දීය අගමැතිවරයා විසින් මෙම තීරණය නිවේදනය කළ බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටින්නේ.
ඉන්දීය රජය විසින් ගෙනා මෙම නීති 03ට එරෙහිව පසුගිය වසර පුරා ඉන්දීය ගොවි ජනතාව එම දැඩි උද්ඝෝෂණ පැවැත් වූ අතර පන්ජාබ් ගොවින් විසින් එරට අගනුවර වට කරමින් පවත්වනු ලැබූ විරෝධතාවය ජාත්‍යන්තරයේ අවදානය ද දිනා ගනු ලැබුවා.
මෙලෙස තමන් රැගෙන ආ නීති 03 හකුලා ගැනීම ඉන්දීය රජයේ පසුබෑමක් ලෙස දේශපාලන විචාරකයින් සඳහන් කර සිටින්නේ.
“මම අද ආවේ ඔබට, මුළු රටටම කියන්න, අපි තීරණය කළා කෘෂි නීති තුනම ඉල්ලා අස්කර ගැනීමට. මේ මාසයේ අවසානයේදී ඇරඹෙන පාර්ලිමේන්තු සැසිවාරයේදී නීති 03 අවලංගු කිරීමට අවශ්‍ය නෛතිමය කටයුතු සිදු කරනු ලබනවා” ඉන්දීය අගමැතිවරයා ජනතාව අමතමින් ප්‍රකාශ කර සිටියා.
තමා සියළුම ඉන්දීය ගොවීන්ගෙන් සමාව අයදින බව ද මෙහිදී ඉන්දීය අගමැතිවරයා ප්‍රකාශ කර සිටියා.