දේශීය

තවත් ඩෙල්ටා අනු ප්‍රභේදයක්

කොවිඩ් ඩෙල්ටා වෛරස් ප්‍රභේදයේ තවත් අනු ප්‍රභේදයක් ශ්‍රී ලංකාවෙන් හඳුනාගෙන ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ප්‍රතිශක්ති අණුක සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසනවා.

මේ වන විට සොයා ගෙන ඇති නව ඩෙල්ටා අනු ප්‍රභේදය B.1.617.2.104 ලෙස නම් කර ඇති බවයි ආචාර්ය චන්දිම ජිවන්දර මහතා ප්‍රකාශ කර සිටියේ.

කෙසේ වෙතත් මේ දක්වා ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්ත වූ ඩෙල්ටා අනු ප්‍රභේදය නම් කර තිබුණේ  B.1.617.2.287ලෙසයි.

මේ අතර කොවිඩ් වසංගතය මර්දනය සඳහා ගත යුතු සෑම පියවරක්ම රජය විසින් මේ වනවිටත් අනුගමනය කර අවසන් බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කළා.

මින් ඉදිරියට ඇත්තේ ජනතාව සිය වගකීම් නිසි පරිදි ඉටු කිරීම බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

පසුගිය දිනවල මංගල, අවමංගල උත්සව සහ පිංකම් වලට සහභාගී වු පිරිස් රැසක් මෙලෙස කොවිඩ් වෛරසය ගොදුරු වන තත්වයක් දැකගත හැකි බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් අවධාරණය කළේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *