ක්‍රීඩා

ශ්‍රී ලංකා – කොදෙව් අද තරගයට වැස්සෙන් බාධා

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තුන්වැනි දිනය අද (23) යි.

අද දිනයේ තරගය ආරම්භකරන විට කොදෙව්වන් කඩුලු 6 ක් දැවී ලකුණු 113ක් රැස්කරගෙන සිටියහ.

අධික වර්ෂාව හේතුවෙන් අද දිනයේ තෙවැනි වරුවේ ක්‍රීඩා කිරීමට නොහැකි වූ අතර ඒ වනවිට සංචාරක කොදෙව් කණ්ඩායම කඩුලු 9ක් දැවී ලකුණු 224ක් රැස්කර තිබුණි.

එහිදී මේයර්ස් ලකුණු 45ක් ද ජේසන් හෝල්ඩර් ලකුණු 36ක් සහ රකීම් කෝන්වොල් 4 පහර 5ක් සහ එක 6 පහරක් සමග ලකුණු 39ක් ‍කොදෙව් කණ්ඩායම වෙනුවෙන් රැස් කරන ලදි.

අද දිනයේ පළමු කඩුල්ල ධනංජය ද සිල්වා විසින් දවා ගන්නා ලදි.

තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහරදුන් අතර එහිදී ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ලකුණු 386ක් රැස් කළහ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *