දේශීය

හොරෙන් විදුලිය ගත් මහරගම නගාරධිපතිගේ පියා අත්අඩංගුවට

හෝමගම, ගලවිලත්ත ප්‍රදේශයේ නිවසකට අනවසරයෙන් විදුලිය ලබා ගැනීමේ සිද්ධියට අදාළව මහරගම නගාරධිපතිවරයාගේ පියා අත්අඩංගුවට ගෙන තිබේ.

ප්‍රධාන විදුලි පද්ධතියෙන් අනවසරයෙන් විදුලිය ලබාගෙන ඇති බවට ලද තොරතුරක් මත විදුලි බල මණ්ඩලයේ නිලධාරීන් පිරිසක් පොලීසිය ද සමග පැමිණ ඊයේ (23) පස්වරුවේ එම නිවස පරීක්ෂා කර තිබුණි.

මහරගම නගර සභාවේ සභාපති ටිරාජ් ලක්රුවන් ප්‍රියන්ත මහතා මෙහිදී පොලීසියට හා විදුලි බල මණ්ඩලයේ නිලධාරීන්ට කරුණු පැහැදිලි කරමින් සඳහන් කළේ එම කටයුතු සිදු කළේ සිය වරප්‍රසාද යටතේ බවයි.

මෙය සම්පූර්ණයෙන් දේශපාලන පළිගැනීමක් බව ද ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.

සිදුවීම පිළිබඳව පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *