Latestදේශීය

මම වල් නෑ. අහන අයයි වල් – තිස්ස කුට්ටිආරච්චි

කාන්තාවන්ට අපහසුතාවයට පත් කරගන්නේ කාන්තාවන් විසින් බවත්, තමන් වල් නැති නමුත් අහන අය වල් බවත් ඊයේ (23) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මන්ත්‍රීවරයා ප්‍රකාශ කළා.  පාර්ලිමෙන්තු විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා අදහස් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ආන්ඩුපක්ෂය නියෝජනය කරමින් සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ අමාත්‍යවරිය  ද කරුණු ඉදිරිපත් කළා.

එහිදී අදහස් දැක්වූ තිස්ස කුට්ටිආරච්චි මන්ත්‍රීවරයා,

ඊයේ දවසෙත් මගේ නම ප්‍රකාශ කරමින් මම මේ පාර්ලිමේන්තුවේ අයවැය විවාදයේදී කරපු කතාව  සම්බන්ධව කාරණා කිහිපයක් මුල් කරගෙන විපක්ෂයේ අපේ මාතලේ දිස්ත්‍රික්කයේ මන්ත්‍රීතුමිය, මට තේරෙන්නේ නැහැ,

මගේ කතාවෙදී මම එක ප්‍රශ්ණයයි අහන්නේ විපක්ෂයේ මන්ත්‍රීතුමියගෙන් සහ ඔය කෑ ගහන විපක්ෂයේ සංවිධායකතුමාගෙන් සහ මම කතානායකතුමාටත් මතක් කරන්නේ කතානායකතුමනි, මම කියපු අසභ්‍ය වචනය මට කියන්න.

මට මේක පැහැදිලි කරන්න දෙන්න කතානායකතුමනි. මට මේක පැහැදිලි කරන්න දෙන්න.

කතානායකවරයා,

ඔයිට හොදයි ඔබතුමාගේ අතින් වැරදි වචනයක් කියවුනා නම් සමාවෙන්න කියලා කිවුවා නම්.

තිස්ස මන්ත්‍රීවරයා, 

කතානායකතුමනී, මගේ අතින් කාන්තාවන්ට අපහසුතාවයක් වෙන වචනයක් ඇත්තටම පිටවුනානම් තමයි මම සමාව ඉල්ලන්න ඕනා. හැබැයි මං අහන්නේ, එහෙනම් පොලේ බඩු විකුණන වෙළෙන්දෙක් මම කියපු එළවළු විකුණන විදිහ මට අර්ථකථනය කරන්න. මම යහපත් සිතින් කියපු දෙයක් මම වල් නෑ. අහපු මිනිස්සු වල් උනාට මට කරන්න දෙයක් නෑ කතානායක තුමනි. මම කිවුවේ යහපත් සිතින්. එතකොට කාන්තාවන්ට මම අපහසුතාවයට පත් කළේ නෑ. කාන්තාවන් අපහසුතාවයට පත් කරගන්නේ කාන්තාවන් විසින්.

මම බටු ගැන කිවුවාම කොහොමද කාන්තාවන්ට අපහාසයක් වෙන්නේ. මම වට්ටක්කා ගැන කිවුවම, මම පතෝල ගැන කිවුවම කොහොමද කාන්තාවන්ට අපහාහ වෙන්නේ. මට මේක තේරෙන්නේ නැහැ.

ඔයිට වඩා මේ පාර්ලිමේන්තුව ඇතුලේ රංජන් රාමනායක මහත්තයා හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මැතිනියට අපහාසාන්තමකව කතා කරනකොට, රංජන් රාමනායක මහත්තයත් එක්ක අර මාතලේ මන්ත්‍රීතුමියගේ සම්බන්ධතා හඩපට එලියට එනකොට ඔය කාන්තාවන් කොහේද හිටියේ.

අනතුරුව පාර්ලිමේන්තුවේ පැවති විවාදයකදී තිස්ස කුට්ටිආරච්චි මන්ත්‍රිවරයාගේ ප්‍රකාශයට විරෝධය ඵල කරමින් අදහස් දැක්වූ සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ අමාත්‍යවරිය මෙසේ පැවසීය,

මේ කාන්තා සංසදයේ සභාපතිතුමිය හැටියට මට වගකීමක් තියෙනවා  ඔබතුමාගෙන් ඉල්ලන්න, මේ සභා ගර්භයේ ඉන්නවා මන්ත්‍රීවරු 225ක්. ඒ නිසා මේ 225ට අදාල කරුණු කාරණා විතරක්, ඊට පරිබාහිරව ඉන්න කාන්තාවන්ගේ සහ පුරුෂයින්ගේ නම් මේ සභාවට ගේන්න එපා කියලා මම ඔබ තමුන්නාන්සේගෙන් බොහොම ගෞරවයෙන් ඉල්ලනවා මොකද සභාවේ උත්තරීතරබව රැකෙන්නේ 225 දෙනාගේ හැසිරීම අනුව. අද රටම බලාගෙන ඉන්නවා. දරුවෝ බලාගෙන ඉන්නවා. ඒ නිසා විශේෂයෙන්ම කාන්තා මන්ත්‍රීවරියන් ඉන්නේ 12යි. බොහොම අමාරුවෙන් අද කාන්තාවන්ව දේශපාලනයට ගේන්නේ. ඒ නිසා මේ සභාවේ පක්ෂ වේවා විපක්ෂ වේවා ඕනෑම මන්ත්‍රීවරියකට අසභ්‍ය, වක්‍රාකාරව හරි එවැනි ප්‍රකාශ කරනවානම් අපි සම්පූර්ණයෙන්ම එය හෙලාදකිනවා. ඒකට විරුද්ධව කටයුතු කරන්න කියලා ඔබතමුන්නාන්සේගෙන් බොහොම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. 

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *