දේශීය

ජනාධිපති නීතිඥයින් පත් කිරීම සඳහා නව මාර්ගෝපදේශ මාලාවක්

ජනාධිපති නීතිඥවරුන් පත් කිරීම සම්බන්ධයෙන් වන මාර්ගෝපදේශ ඇතුළත් නව ගැසට් පත්‍රයක් ප්‍රකාශයට පත්කර තිබේ.

ජනාධිපති ලේකම් පි.බි.ජයසුන්දර මහතා විසින් එලෙස ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ජනාධිපතිවරයාට පැවරී ඇති බලතලවලට අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අනුමත කරන ලද මාර්ගෝපදේශ ය.

ඒ අනුව ජනාධිපති නීතිඥවරයෙකු පත්කිරීමේ දී මින් ඉදිරියට පහත ගැසට් නිවේදනයේ සඳහන් මාර්ගෝපදේශ අනුගමනය කළ යුතු වේ.

මාර්ගෝපදේශ 14ක් නව ගැසට් පත්‍රය මගින් ජනාධිපති ලේකම් පි.බි.ජයසුන්දර මහතා විසින් ප්‍රකාශයට පත්කර ඇති අතර 2019 වසරේ ඔක්තෝබර් 29 වන දින විශේෂ ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කරන ලද ජනාධිපති නීතිඥයින් පත් කිරීම සම්බන්ධයෙන් වූ මාර්ගෝපදේශ අවලංගු වනු ඇත.

නව මාර්ගෝපදේශවලට අනුව ජනාධිපති නීතීඥයින් පත් කිරීම උපරිම වශයෙන් වසරකට එක් කණ්ඩායමකට සීමා කර ඇති අතර වසරකට පත් කරනු ලබන ජනාධිපති නීතිඥවරුන්ගේ සංඛ්‍යාව 10 නොයික්මවිය යුතු බව සඳහන් වේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *