හේවා ලුණුවිලගේ ලසන්ත පොලිස් වෙඩි පහරින් මරුට
පොලිස් අත්අඩංගුවේ පසු වූ හේවා ලුණුවිලගේ ලසන්ත නොහොත් ටින්කර් ලසන්ත නැමැත්තා අද(26) අලුයම කළුතරදී පොලිසිය සමඟ සිදු වූ වෙඩි හුවමාරුවකින් ජීවිතක්ෂයට පත්ව ඇත.
මෙලෙස මිය ගොස් ඇත්තේ පාතාල කල්ලි සාමාජිකයෙකු වූ සන්ෂයින් සුද්දා ඝාතනයේ ප්‍රධාන සැකකරු වන අතර ඔහු තවත් අපරාධ රැසකට අවශ්‍යව සිටි සැකකරුවෙක් බව වාර්තා වේ.
ඔහු සඟවා තිබූ ආයුධ පෙන්වීමට ගිය අවස්ථාවේ සැකකරු පොලිස් නිලධාරීන්ට වෙඩි තැබීමට උත්සාහ කර ඇති අතර එහිදී පොලීසිය එල්ල කළ ප්‍රතිප්‍රහාරවලින් අදාළ සැකකරු මියගොස් තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා පැවසුවේ ය.
මේ අවස්ථාවේ සඟවා තිබූ අත්බෝම්බයක් සහ පිස්තෝලයක් ද සොයාගෙන තිබේ.
මෙම සිද්ධියේදී තුවාල ලැබූ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ද ප්‍රතිකාර සදහා කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කර තිබෙන බව ද පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

